ලිබියානු මුහුදේ බෝට්ටු අනතුරකින් 100 ද‌ෙන‌ෙකු ජිවිතක්ෂයට

Share

ලිබියානු වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ අනතුරට ලක්වූ සංක්‍රමණික යාත්‍රාවක සිටි 100 ද‌ෙන‌ෙකු ජිවිතක්ෂයට පත්ව තිබ‌ෙන බව විද‌ෙස් මාධ්‍ය වාර්තාා සඳහන් කරයි.

ලිබියාවේ දුර්වල රජයක් පැවතීමත්, ඉතාලියට සමීපව පිහිටීමත් හේතුවෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් යුරෝපයට පිවිසීම සඳහා ලිබියාව බොහෝ විට යොදා ගනු ලැ‌බේ.

මධ්‍යධරණී මුහුද තරණය කිරීමේ අනතුරුදායක බව නොතකා මෙලෙස ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවරට නැගෙනහිර දෙසින් නික්මුණු යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලිබියානු වෙරළාරක්ෂකයන් විසින් යාත්‍රාවේ සිටි 16 දෙනෙකු බේරාගෙන ඇති බව සඳහන්.

යාත්‍රාව අනතුරට ලක් වන විට එහි පුද්ගලයින් 120 ද‌ෙන‌ෙකු සිට ඇති අතර මියගිය සංඛ්‍යාව තව දුරටත් ඉහළ යාහැකි බව එක්සත් ජාතින්ග‌ේ සංවිධානය‌ේ සංක්‍රමණික ඒජන්සිය‌ේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු සඳහන් කළ‌ේය.

අනතුරින් දිවි ‌‌බේරාගත් පුද්ගලයින් 16 ද‌ෙ‌නා පවසා ඇත්ත‌ේ යාත්‍රාවේ පිපිරිමක් ‌හේතුව‌ෙන් එන්ජිම ගිනිග‌ෙන දැවී ඇති අතර ඉන් පසුු එය ප‌ෙරළිමට ලක්ව තිබ‌ෙන බවයි.

මොරොක්කෝ, සිරියානු සහ සුඩාන ජාතිකයන් මෙම සංක්‍රමණික යාත්‍රාවේ ගමන් කර ඇති අතර, කාන්තාවන් 15 දෙනෙකු ළදරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 12ට අඩු තවත් ළමයින් 3 දෙනෙකු මිය ගිය පිරිසට ඇතුළත්.

මෙලෙස අනතුරුදායක වුවද ලිබියාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා ඉතාලිය ඇතුළු යුරෝපා රටවලට පසුගිය වසරේදී ඇතුළු වූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් සංඛ්‍යාව එක්ලක්ෂ 20,000කට අධිකයි.

Read more

Local News