කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක මිදුලට අත්බෝම්බ ප්‍රහාරයක් – 4 දෙනෙකුට තුවාල

Share

කුලියාපිටිය, බෝහිංගමුව ප්‍රදේශයේ නිවසක මිදුලට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු 04 දෙනෙකු තුවාල ලබා තිබ‌ෙ‌න බවට වාර්තා ව‌ෙයි.
ඊයේ (01) රාත්‍රි 9.45ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම සිද්ධියෙන් එම ස්ථානයේ සිටි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවක් තුවාල ලබා කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
සිද්ධියට අදාළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි සදහන් වේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Read more

Local News