මාතර කොල්ලයේ සැකකරුවන් වන කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

Share

මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කළ තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කළ බව කියන කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා ලබන 16දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (02දා) මාතර අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

කොස්ගොඩ තාරක සහ ඔහුගේ සහෝදරයා අද අධිකරණයට නොපැමිණි අතර අතුල කිත්සිරි හෙවත් නාරම්මල මලා නමැති සැකකරු පමණක් අධිකරණය ඉදිරිපත් කර තිබේ.

අදාළ සැකකරු විශේෂ ආරක්ෂාවක් සහිතව මාතර අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ අතර සැකරුවන් තිදෙනා අගුණුකොළපැළැස්ස බන්ධනාගාරයේ රඳවා තබා ඇත.

Read more

Local News