අවංක රාජ්‍ය නිලධාරීන් විගණන පනතට බිය විය යුතු නැහැ – අමාත්‍ය ලසන්ත අලගියවන්න

Share

ජාතික විගණන පනත පිළිබඳ විවදයට එක්වෙමින් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසුු‌වේ,

ඉතාම වැදගත් පනතක් විවාදයට ගන්නවා. සමහර අය කියනවා, රටේ සංවර්ධනය ඇනහිටීමට ගෙනා පනතක් කියලා. වැරැදි ප්‍රචාර කරනවා. රටේ සංවර්ධන ක්‍රියාවට බාධාවක් කියල සමහරු කියනවා. එය වැරදි  මතයක්. පරිපාලන සේවයේ නිලධාරීන් කෙරෙහි මට තිබෙන්නේ සුබදායක තත්ත්වයක්. රාජ්‍ය නිලධරීන් කැපවෙලා තමයි, රටේ දියුණුව ලබාගත්තේ. නිලධාරීන් පිරිසක් කැප වෙලා කටයුතු කරන අතර සුළු පිරිසකගේ වැරදි ක්‍රියා නිසා රටේ සංවර්ධනය දියුණුව හිර වෙලා. අවංක හොඳ රාජ්‍ය නිලධාරීන් විගණන පනතට බිය විය යුතු  නෑ. සුළුතරයකගේ වුවමනාවට අප බිය විය යුතුත් නෑ. විගණන පනත ගෙන ඒම තුළින් ජනතාවගේ මුදල්වලින් රටට උපරිම ප්‍රයෝජනයක් ලබාගත්න හැකිවෙනවා.

මෙය රටේ සංවර්ධනයට බාධාවක් නෑ. අවංක රාජ්‍ය නිලධාරීන් මේ පනතට මොනම ආකාරයටවත් බිය විය යුතු නෑ. රාජ්‍ය මූල්‍ය කටයුතු විධිමත් කර අප දකින්නට අකමති සිදුවීම් යළි නොවන්නට ඉදිරියේ දී කටයුතු කිරීමයි මෙවැනි පනතක් ගෙන ඒමෙන් බලාපොරොත්තු වන්නේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම වරදවා දකින්න හොඳ නෑ. ජනාධිපතිතුමාටත්, අග්‍රාමාත්‍යතුමාටත් ස්තූතිවන්ත වෙනවා පනත ගෙන ඒමට කටයුතු කිරීම පිළිබඳව. විගණන පනත  ශක්තිමත් කිරීම පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමක් ලෙසයි දැකිය යුතු වන්නේ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News