ප්‍රචණ්ඩත්වයට පත්වන ස්ත්‍රීන් හා ගැහුණු ළමුන් වෙනුවෙන් බහුවිධ පාර්ශවකරුවන් එකට එක්වන දෙදින වැඩමුළුවක්

Share

ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වයට ලක්වන ස්ත්‍රීන් හා ගැහැණු ළමුන් සඳහා පරිපූර්ණ අත්‍යවශ්‍ය සේවා සැපයීමට අරමුණු කොටගත් බහුවිධ පාර්ශවකරුවන් එකට එක්වන දෙදින වැඩමුළුව අද (05) දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ආරම්භ විය.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය හා එක්ව මෙම දෙදින වැඩමුළුව සංවිධානය කොට තිබුණි.
ශ්‍රී ලංකාව තුළ සෑම කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුම හිංසනයට ලක්වන බවත් මෙම අභියෝගයට ප්‍රහාරයක් වශයෙන් නැගී සිටීමට බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සු නකේන් මහත්මිය මෙහිදී පැවසුවාය.
එමෙන් ම කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනය අවසන් කිරීම කිසිඳු හවුල්කාරිත්වයක් නොමැතිව සිදුකිරීම අපහසු බවත් පෙන්වාදෙන නකේන් මහත්මිය මෙම කරුණ ජනතාව අතරට ගෙනයාම සඳහා අදාළ සංවිධානවලින් සහ සියලු ම අංශයන්ගෙන් සහයෝගය බලාපොරොත්තු වන බවත් පෙන්වා දුන්නාය.
ලිංගිකත්වය යන විෂය ගැහුණු දරුවෙකුට උගන්වන ආකාරයේ වැරදි සහගත තත්ත්වයක් ඇති බවත් මෙම මාතෘකාව පුරුෂයින්ට එරෙහිව කතාකරනු ලබන මාතෘකාවක් නොවන බවත් මේ සම්බන්ධයෙන් වන කතිකාවත් පළාත් පාලන මට්ටමට ගමන් කළ යුතු අතර ම ඒ සඳහා දක්වන ප්‍රතිචාරයන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙන් ම පුද්ගලයාගෙන් පුද්ගලයාටද වෙනස් වන බව ලෝක වෙළෙඳ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත රාෂියා පෙන්ඩ්සේ මහත්මිය පැවසුවාය.
මෙම කරුණ සම්බන්ධයෙන් වන දත්තයන් දෙස බැලීමේ දි විවාහක කාන්තාවන් 70%කගෙන් 49%ක පිරිසක් ගෘහස්ථ හිංසනයට ලක්වන බවත් ගෝලීය වශයෙන් කාන්තාවන්ගෙන් 35%ක් තමන්ගේ විවාහක හවුල්කාරිත්වය මගින්ම හිංසනයට ලක්වන බව හඳුනාගෙන ඇතැයි ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් අශෝකා අලවත්ත මහත්මිය මෙහිදී පෙන්වාදුන් අතර මෙම කරුණ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේ නිසි යාන්ත්‍රණයක් නොතිබුණ අතර ම මෙම ආරම්භය කාන්තාවන් හා දරුවන් හිංසනයට ලක්වීම වැළැක්වීම සම්බන්ධයෙන් ඉතාහිසගත වන අවස්ථාවක් බවත් පෙන්වා දුන්නාය.
ඉදිරි කාලයේ දී අන්තර්ජාතික දායකත්වය සමඟ කාන්තාවන් සහ ගැහුණු දරුවන් හිංසනයට ලක්වීම අවසන් කිරීමට කටයුතු සංවිධානය කරන බවත් ලේකම්වරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.

Read more

Local News