අගමැති අනිද්දා සිංගප්පූරුවට

Share

සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන ඉරිදා (08) සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතයි.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යතුමා සිංගප්පූරු අගමැති ලී ශින් ලුං, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය තර්මන් ෂන්මුගරත්නම්, සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍ය හා ගෝ චොක් ටොන් ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතයි.

Read more

Local News