ක‌ෙස‌ෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබී කාන්තා මළ සිරුරක් ස‌ොයා ගැ‌නේ

Share

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ක‌ෙස‌ෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබී හඳුනා නා‌ෙගත් කාන්තා මළ සිරුරක් අද (09) උදෑසන ස‌ොයාගත් බව න‌ොර්වුඩ් ප‌ොලිසිය සඳහන් කරයි.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ස‌ෙන් ජා‌ෙන් ටිලරි වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ බා‌ේක්කුවක් යට තිබි ම‌ෙම සිරුර ස‌ොයාග‌ෙන තිබේ.

එම බා‌ේක්කුව යට කාන්තා මළ සිරුරක් න‌ොර්වුඩ් ප‌ොලිසියට ලද දුරකථන ඇමතුමක් ඔස්ස‌ේ ප‌ොලිසිය විසින් ම‌ෙම සිරුර ස‌ොයාග‌ෙන ඇත.

කිව් වතුයාය‌ේ සිට ක‌ෙස‌ෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ම‌ෙම ඇළ මාර්ග‌යේ ප්‍රධාන වශයෙන් ජලය ගලා න‌ොබසින අතර, ම‌ෙම කාන්තා මළ සිරුර ම‌ෙම ස්ථානයට ග‌ෙනවිත් දමන්නට ඇති බවට සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන න‌ොර්වුඩ් ප‌ොලිසිය සැක කරයි.

Read more

Local News