පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරය‌ෙ‌ක් පත් ‌කෙ‌රේ

Share

පාරිභෝගික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත්කර ඇත.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
මැද්දෙගොඩ මහතා වසර 37 ක් නීති ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත පළපුරුදු නිලධාරියෙකි.
නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 20 ක් සේවය කර ඇති ඔහු තවත් වසර 10 ක් නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීති උපදේශකයෙකු ලෙසද කටයුතු කර ඇත.
පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ලෙස රාජකාරීකටයුතු භාරගනිමින් අනුර මැද්දෙගොඩ මහතා, පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරමින් පාරිභෝගිකයින් වෙනුවෙන් සේවය කිරීමට පාරිභෝගික අධිකාරිය මෙහෙයවන බව පැවසීය.  

Read more

Local News