කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණයට මිලියන 9000ක් – අමාත්‍ය මහින්ද අමරවීර

Share

මෙරට වැව් පද්ධතිය තුළ ඇති කුඩා වැව් 13,000ට අධික ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 9000ක් රජය විසින් වෙන් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙරට වැව් පද්ධතිය තුළ ඇති වැව් විශාල ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා අවශ්‍ය තරම් ජලය රදා නොපැවතීම වැව් කන්ඩිය දුර්වල වීම, රොන් මඩ පිරීම වැනි හේතු නිසා කුඩා වැව් විශාල ප්‍රමාණයක් විධිමත් පරිදි කෘෂිකාර්මික කටයුතුවලට දායක කර ගැනීමට නොහැකි වී තිබේ.
එමෙන්ම ගොවින් සමඟ සිදු කරන ලද සාකච්ඡාවලදී ගොවීහු විසින් රජයෙන් කළ ඉල්ලීම්වලට සැලකිල්ලක් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යෘංශය විසින් වැව් “දහසක් – ගම් දහසක්”  වැඩසටහන යටතේත් අතිගරු ජනාධිපතිතුමාගේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ යටතේත් මෙම වැව් පද්ධතියේ ප්‍රතිසංස්කරන වැඩ කටයුතු ආරම්භ කර ඇතැයි ද ඒ සඳහා රජය විසින් වැය කරන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 9000ක් පමණ වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැව් දහසක් – ගම් දහසක් වැඩපිළිවෙළ යටතේ මෙම වසරේදී වැව් දහසක් සහ එම වැව් යටතේ තිබෙන ගම් දහසක් සංවර්ධනය කෙරේ. ඒ යටතේ ගොවිතැන් කටයුතු නගා සිටුවීම, ක්ෂුද්‍රමුල්‍ය ණය පහසුකම්, වනාත සහ කට්ටකඩුව සංවර්ධනය, පැළ රෝපනය, බීජලබාදීම ඇතුලු ගොවිජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇත.

Read more

Local News