වාද්දූ‌වේ බස්රථ අනතුරක් – සිව් දෙනෙකු රෝහලේ

Share

වාද්දූව ආයුර්වේද හන්දියේ අද (10) පෞද්ගලික බස් රථයක් ගසක අත්තක සහ වාහන දෙකක ගැටී නිවසක් තුළට කඩා වැදීමෙන් නිවසේ හිමියා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව වාද්දුව පොලිසිය සදහන් කරයි.

මතුගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථය ගාලු ප්‍රධාන මාර්ගයේ ආයුර්වේද හන්දිය ආසන්නයේ ගසක අත්තක වැදී වේගය පාලනය කර ගත නොහැකිව පානදුර සිට කලුතර බලා ධාවනය වෙමින් තිබු වෑන් රථයේ සහ එම දිශාවටම ධාවනය වෙමින් තිබු ලොරියක ඉදිරිපස වැදීමෙන් වෙළඳසැලක් පවත්වාගෙන යන නිවසකට කඩා වැදී ඇති බව පොලිසිය සිදුකර මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සිදුවු අනතුරින් තුවාල ලද තිදෙනා පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර රියදුරාගේ දත් හතරක් කැඩී තුවාල සිදුවී ඇති බව සඳහන් ව‌ෙයි‍.

Read more

Local News