ජපානයට බලපෑ අධික ගංවතුර, නායයාම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළට

Share

බටහිර ජපානයට බලපෑ අධික ගංවතුර හා නායයාම් හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් ති‌බ‌ෙ‌න බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

දශක 3 කට වැඩි කාලයකට පසුවයි මෙලෙස වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ.

අයහපත් කාලගුණයෙන් විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් මිලියන 2 ක ජනතාවක් ඉවත් කිරීමට පියවර ගෙන ති‌බේ.

අයහපත් කාලගුණය හේතුවෙන් එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සිය විදෙස් සංචාර ද අවලංගු කර තිබෙන බවයි විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Read more

Local News