ඉරිදා පැය 09ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

Share

විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන ඉරිදා (15) උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පැය 09ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනූව කැලණිය, පෑලියගොඩ, වත්තල නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, බියගම, මහර, දොම්පේ, ජා–ඇල නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, කටුනායක/ සීදූව, ගම්පහ යන ප්‍රදේශ කිහිපයකට මේ අනූව ජල සැපයුම අත්හිටුවනු ඇත.

Read more

Local News