උද්ඝෝෂණයක් නිසා වැල්ලවාය තණමල්විල මාර්ගයේ ගමනාගමනයට බධා

Share

තණමල්විල ප්‍රදේශයේ ජනතාව අද (13) උදෑසන සිට වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වෙමින් සිටී.

ඒ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොඨාාශයට අයත් කොමලිගම, කිවුල්ආර, ඇදගලයාය ගල්වලයාය යන ගම්මාන වලට දීර්ඝකාලයක සිට පවතින ජල ගැටලුවට විසදුමක් ඉල්ලමිනි.

ජනතාව කියා සිටින අන්දමට මෙම ගම්මාන වලට තමන් පැමිණිදා සිට බීමට ජල පොදක් නොමැති බවයි.මේ වන තෙක් බීමට ජල පොදක් සොයා ගත්තේ කිලෝමීටර් ගනනාවක් ගමන් කරමින් වන අතර එම ජලය ද පානය කිරීමට සුදුසු තත්ත්වයක නොමැති බවද ජනතාව පවසයි.

උද්ඝෝෂණය නිසා වැල්ලවාය තණමල්විල මාර්ගයේ ගමනාගමනයටත් බධා එල්ල වී ඇති බව ද වාර්තා ව‌ෙයි.

Read more

Local News