ඉබ්බාගමුව දිසා ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

Share

ඉබ්බාගමුව දිසා ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවය පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එජාප මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

Read more

Local News