යාල වනෝද්‍යානයේ නීති විරෝධීව මසුන් ඇල්ලූ තිදෙනෙකු අත්අඩංගුවට

Share

යාල ජාතික වනෝද්‍යානයට අයත් වෙහෙරගල ජලාශයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ඔරු දෙකක් සහ උපකරණ තොගයක් ද සමග ගල්ගේ වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ති‌බේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බුත්තල සහ ගෝනගංආර ආර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30, 35 සහ 44 යන වයස් වල පසුව සැකකරුවන් පිරිසක් ව‌ෙ‌යි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා ගෝනගංආර පොලිසියට භාර දී ඇත.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද (17) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News