ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් ජනාධිපති ප‍්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කෙරිණි

Share

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (29) පෙරවරුවේ ජාතික සංහිඳියාව තහවුරු කෙරෙන බහු වාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව ජාතික පාසලක අවශ්‍යතාවය ඉටුකරමින් ඉන්දීය රජයේ ආධාර යටතේ පොළොන්නරුව, කදුරුවෙල ඉදිකෙරෙන ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් ආරම්භ කෙරිණි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙම පාසල ඉදිකෙරෙන අතර, අනුරාධපුර, ති‍්‍රකුණාමලය, අම්පාර හා මඩකලපුව වැනි යාබද දිස්ති‍්‍රක්කවල බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත මිශ‍්‍ර පාසලක අවශ්‍යතාවය ඉටු කිරීම, ඉංගී‍්‍රසි මාධ්‍ය අධ්‍යාපනය ප‍්‍රචලිත කිරීම මෙන්ම ගෝලීය තරගකාරී සමාජ ආර්ථික ලෝකයට ගැළපෙන, ජාතික සංහිඳියාව හා සමාජ ඒකාග‍්‍රතාව තහවුරුවන පරිදි, උසස් දැනුමකින් යුත් පිරිපුන් ශිෂ්‍ය පරපුරක් බිහි කිරීම මෙහි මූලික අරමුණු වේ.

 

Read more

Local News