ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී විවාදයට

Share

ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කළේ ය.

කෘෂි කර්මාන්තයට උසස් තාක්ෂණය ලබාගැනීමට එම උපකරණ බද්දෙන් නිදහස් කරනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදන බද්දෙන් නිදහස් කරනවා. වසර මැද මූල්‍ය තත්ත්ව වාර්තාව සභාවට ඉදිරි පත් කළා. පළමු කාර්තුව තුළ උද්ධමනය පහළට ඇවිල්ලා. අපනයනය ඉහළ පැමිණ තිබෙනවා. සංචාරකයන් පැමිණීම සියයට 15%කින් ගිය මාස පහ තුළ වැඩි වී තිබෙනවා. දළ නිල සංචිතය ඉහළ ගොස් තිබෙනවා. මුදල් සැපයුම ස්වාධීනව මහබැංකුවයි සිදු කරන්නේ. රජයේ බලපෑමක් නෑ. අද උදේ ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා ණය ලබාදෙන්න ආරම්භ කරන්න හැකි වුණා. මිලියන 750ක් දක්වා විශාල ණයක් එන්ටර්ප්‍රයිස් යෝජනා ක්‍රමය යටතේ ලබාදෙන්න පුළුවන්. අද හැකි වුණා ඈඟලුම් කර්මාන්තයකට ණය ලබාදෙන්න හැකි වුණා.

මාධ්‍ය අරුණ යටතේ ණය ලබාදෙනවා, උපකරණ ලබාගන්න. කිසිම පොළියක් නොමැතිව ණය ලබාදෙනවා. තරුණ උපාධිධාරීන්ට ණය ලබාදෙනවා. කිසිදු පොළියක් අය කරන්නේ නෑ. නිවාස වල සංචාරක කර්මාන්තය දිරිමත් කරන්න කටයුතු කරනවා. ඒ සඳහා ලක්ෂ 50ක ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News