උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වැනිදා ආරම්භ ව‌ෙයි

Share

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වැනිදා ආරම්භ වන අතර, එය සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ති‌බේ.

උසස් පෙළ විභාගය, විභාග මධ්‍යස්ථාන 2,268 කදී පැවැත්වෙයි.

ඒ සඳහා පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර තැපැල් මගින් යොමුකර ති‌බේ.

එසේ නොලැබුණු යම් අපේක්ෂකයෙක් වෙතොත් ජාතික හැඳුනුම්පතේ අංකය භාවිත කර විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk වෙත පිවිසීමෙන්ද ලබාගත හැකියි.

Read more

Local News