ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ හතරවන දිනය අදයි

Share

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයේ හතරවන දිනය අද (23) යි.

ඊයේ (22) දිනය නිමාවට පත්වනවිට දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිම සඳහා කඩුලු 05 ක් දැවී ලකුණු 139 ක් රැස් කරගෙන සිටිය‌ේ ය.

දකුණු අප්‍රිකාව මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 351 ක් පිටුපසින් සිටින අතර, දකුනු අප්‍රිකාවට ඒ සඳහා කඩුලු 05 ක් ද ඉතිරිව ති‌බේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 338 ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකාව පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 124 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ද‌ෙවන ඉනිම සඳහා ලකුණු 275 ක් රැස් කළ‌ේ ය.

ඒ අනුව දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිම සඳහා කඩුලු 05 ක් දැවී ලකුණු 139 ක් රැස් කරගෙන සිටියි.

Read more

Local News