ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරඟ තහනමක්

Share

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුර ක්‍රීඩක විනය නීති උල්ලංගණය කර ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (22දා) නිවේදනය කළේය.

ක්‍රිකට් විනය නීති වලට අනුව රාත්‍රී 10වන විට නවාතැනට නොපැමිණීමද ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පියවර ගැනීමට හේතුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරණය විසින් ධනුෂ්ක ගුණතිලක ක්‍රිකට් ආයනයේ ක්‍රීඩක විනය සංග්‍රහයේ වගන්ති උල්ලගණය කර තිබෙන බව දන්වා තිබේ.

මේ වනවිට ක්‍රිකට් ආයතනය විසින් ධනුෂ්ක සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් සිදු ක‌ෙ‌රේ.

Read more

Local News