ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන උපසම්පදා මහා විනය කර්ම පුණ්‍යෝත්සවය සදහා ජනපති එක්වෙයි

Share

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන උපසම්පදා මහා විනය කර්මය මෙවර ඓතිහාසික දිගාමඩුල්ල පුරවරයේ අම්පාර බුද්ධංගල දහම් මැදුර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර ඊයේ (23) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම පුණ්‍යොත්සවය සදහා එක්විය.
 
පසුගිය 19 වනදා ආරම්භ වු මෙම උපසම්පදා විනය කර්මය 24 වනදා දක්වා ගල්ඔය නදී උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙයි.
 
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි පූජ්‍ය අංකුඹුරේ පේමවංස මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ මුලිකත්වයෙන් උපසම්පදා විනය කර්මය සිදු කෙරේ.
 
මෙම අවස්ථාවට එක් වූ ජනාධිපතිතුමා වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝබිත නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

Read more

Local News