ශ්‍රී ලංකා – චීන සිසුන් විසින් ඉදිරිපත් කරන ඒකාබද්ධ චිත්‍ර ප්‍රදර්ශනය

Share

ශ්‍රි ලාංකික සිසුන් සමග චිනයේ, බෙයිජිං, ටියංජිං සහ හෙබෙයි නගරවල සිසුන් විසින් ඉදිරිපත් කරන ඒකාබද්ධ සිසු චිත්‍ර ප්‍රදර්ශනය ඊයේ (23) කොළඹ ප්‍රසාංගික හා දෘෂ්‍ය කළා විශ්ව විද්‍යාලයේ, ජේ.ඒ.ඩී.පෙරේරා ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විණි.

බෙයිජිං හී පැවති ශ්‍රි ලංකා සංස්කෘතික සතිය පදනම් කොට 21 වන සියවසේ සේද මාවත සංකල්පය තේමාකොට මෙම ප්‍රදර්ශනය පැවැත්විණි. ප්‍රදර්ශනය සඳහා දෙරටේ සිසුන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර 100 ක් පමණ එක්කොට තිබු අතර ශ්‍රි ලංකා හා චීන සිසුන්ගේ කුසලතා හා දක්ෂතා ප්‍රදර්ශනය කිරීම අරමුණු කොට ගෙන දෙරටේ, සංස්කෘතික, සමාජ ජීවිතය හා සංවර්ධනය පිළිඹිබුවන පරිදි මෙම චිත්‍ර නිර්මාණය කොට තිබේ.

මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අධ්‍යක්ෂ ලියූ තුං, විදේශීය රටවල මිත්‍රත්වය සඳහා වන බෙයිජිං ජනතා සංගමයේ නියෝජිත ෂියු ජින්ෂයු මහත්මිය, ශ්‍රි ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර යන මහත්ම මහත්මින් සහභාගි වුහ.

Read more

Local News