දිළිඳුකම පිටුදැකීමේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමුව පළාත් මෙහෙයුම් කමිටුව හෙට ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් වශයෙන් දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමුව පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (25) පස්වරුවේ රත්නපුර පළාත් සභා ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වේ.

පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේ දී ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සබරගමුව පළාත තුළ කි‍්‍රයාත්මක වන අන්දම, සහ එහි ප‍්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිිළිබඳ පුළුල් වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇත.

එමෙන්ම ප‍්‍රදේශයේ ජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් ඒවා විසඳීම සඳහා ගතයුතු කඩිනම් කි‍්‍රයාමාර්ගයන්ට එළැඹීම ද මෙහිදී සිදු කෙරේ.

Read more

Local News