විශේෂ අධිකරණය ආරම්භ කිරීමට පියවර – අධිකරණයක් ආරම්භ කිරීම සරල කාර්යයක් නොවෙයි

Share

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ,

මේ මාසය අවසන් වීමට පෙර පළමු විශේෂ අධිකරණය ක්‍රියාත්මක කරන බවත් අධිකරණයක් ආරම්භ කිරීම සරල කාර්යයක් නොවන බවයි.

ඉතිරි විශේෂ අධිකරණ දෙක සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා විශේෂ අධිකරණය ආරම්භ කිරීමේ ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන තෙක් තාවකාලික ස්ථානයක මෙම පළමු අධිකරණය ආරම්භ කිරීමට කටයුතු කෙරෙන බව ද පෙන්වා දුන්නේය.

Read more

Local News