ගුවන් සුරක්ෂිතතාවය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට

Share

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් 2018 ජුනි මස 04 වන දින සිට 14 වන දින දක්වා සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළ සිදුකළ විගණනයෙන් පසු දෙන ලද වාර්තාව අනුව ගුවන් සුරක්ෂිතතාවය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට පත්ව ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ, ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධාන වාර්තාව ගුවන් සේවා අධිකාරියෙ අධ්‍යක්ෂක ජෙනරාල් එච්.එම්.නිමලසිරි මහතා විසින් අමාත්‍යවරයාට පිළිගැන්වු අවස්ථාවේදීය.

 

ගුවන් සේවා අධිකාරිය විසින් ලැබු මෙම ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කේෂත්‍රයේ නියුතු සියලු අංශ දැනුවත් කිරීම සඳහා පැවති සම්මන්ත්‍රණයක් ගුවන් සේවා අධිකාරියේ  25 වන දින පස්වරුවේ කටුනායක පිහිටි ගුවන් සේවා අධිකාරී සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

ශ්‍රි ලංකාවේ ගුවන් සේවයේ නියුතු සාමාජිකයන් හමුවේ තවදුරටත් කරුණු දක්වමින්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, දිනකට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගුවන් යානා 165 ක් පමණ ගොඩබාන සහ ගුවන්ගත වන බව හෙලි වී ඇති බවත්, දිනකට මගීන් 27000 ක් පමණ මෙම ගුවන් තොටුපල පරිහරණය කරන අවස්ථාවේදී ලද මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කේෂත්‍රයට ඉතාමත් ගෞරවයක් ගෙනදුන් අවස්ථාවක්, ඉදිරියට මෙම තත්ත්වය තවදුරටත් ඉහළ නංවා ගැනීම කේෂත්‍රයේ සිටින සියලු අංශ එකට එක්විය යුතුයි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් සේවා කටයුතු ඉහළ මට්ටමක පැවතුණත්, තවදුරටත් රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා කටයුතු පිළිබඳව යම් මට්ටමකින් අඩුවක් පවතින බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය. මෙම අභ්‍යන්තර ගුවන් සේවා කටයුතු පුළුල් කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. රත්මලාන ගුවන් තොටුපල පුළුල් කිරීම, මඩකලපුව ගුවන් තොටුපල නවීකරණය කොට, සිවිල් ගුවන් සේවා කටයුතු සඳහා විවෘත කිරීම වැනි කාර්යයන් මේ වසර තුළ සිදුකර තිබෙනවා.

එමෙන්ම විශේෂ පියවරක් ලෙස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පරිශ්‍රය තුළ අභ්‍යන්තර ගුවන් සේවා පවත්වාගෙන යාම සඳහා නව පර්යන්තයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති අතර, මේ වන විට එම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියලු සැළසුම් සිදුකර තිබෙනවා. තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා: නේපාලය වැනි දකුණු ආසියාවේ කුඩා රටවල් තුළ පවා අභ්‍යන්තර ගුවන් සේවා කටයුතු මනා අන්දමින් පවත්වාගෙන යන බවත් ඒවා ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාව තුළද, අභ්‍යන්තර ගුවන් සේවාව පුළුල් අන්දමින් සිදුකළ යුතු වෙනවා. නමුත් මෙම කටයුතු රජයට පමනක්ම සිදුකල නොහැකි අතර, මේ සඳහා පෞද්ගලික ගුවන් සේවා අංශයේ පූර්ණ මැදිහත්වීම අවශ්‍යබවයි මගේ හැගීම.

අභ්‍යන්තර ගුවන් සේවාව රට තුළ ප්‍රචලිත කිරීමට නම්, ශ්‍රී ලාංකික සංචාරකයින්ටද දරාගත හැකි වන පරිදි ගුවන් ටිකට්පත්වල මිල අඩුකළ යුතු බවට කරුණු දැක්වු අමාත්‍යවරයාට අභ්‍යන්තර ගුවන් සේවා වල නියුතු සාමාජිකයින් පැවසුයේ, මෙයට ප්‍රධාන බාධකය වී ඇත්තේ වැඩි වී ඇති වැට් බද්ද බවයිත මෙම වැට් බද්ද අනිවාර්යයෙන්ම ගුවන් මගියාගෙන් අයකරගැනීමට සිදුවන බැවින්, මේ පිළිබඳව සහනයක් ලබාදෙන ලෙස ඔවුන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කළේය. එහිදී අමාත්‍යවරයා පැවසුයේ, ඉදිරි දිනකදී මුදල් අමාත්‍යවරයා සමග පුළුල් සාකච්ඡා පවත්වා යම් පියවරක් ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී පර්යන්ත තුළ ඇති වී තිබෙන මගී තදබදය අවම කිරීමට, නිමැයු පර්යන්ත ගොඩනැගිල්ලක් සවිකිරීම ඉදිරි මාස 06 ක කාලයක් තුළ කටයුතු කරන බවද, අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Read more

Local News