පළමු එක්දින තරඟ‌යේ ජය දකුණු අප්‍රිකාවට

Share

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5 කින් යුත් එක්දින තරගාවලිය ඊය‌ේ (29) දඹුල්ලේදී ආරම්භ විය.

ඒ අනුව කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තිරණය කළේය.

ප්‍රථමය‌ෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් සියලු ද‌ෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුය‌ේ ලකුණු 193ක් පමණි. ඒ පන්දු වාර 34යි පන්දු 3ක් තුළයි.

ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 36ක්ව තිබියදී මුල්පෙළ පිතිකරුවන් 05දෙනාම ක්‍රීඩාගාරයට යැවීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත්විය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීම සඳහා තිසර පෙරේරා සහ කුසල් ජනිත් 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක් එක් කළ‌ේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් කඩුලූ 5ක් දැවී ලකුණු 196ක් ලබා ගනිමින් ජයග්‍රාහී සීමාව පසු කිරිමට සමත් විය. ඒ පන්දු වාර 31ක් තුළයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි එක්දින තරගය අගෝස්තු 1 වැනිදා රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.

Read more

Local News