මිනිස් වෙළඳාමට ශ්‍රී ලංකා රජය ඉඩක් නොතබන බව මනුෂ නානායක්කාර මහතා පවසයි

Share

මිනිස් වෙළෙඳාමට එරෙහි ජත්‍යන්තර දිනය සැමරීම නිමිත්තෙන් අද (30) පැවති උත්සවයකදී විදුලි සංදේශ, ඩිජිටල් පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේ,
මිනිස් වෙළඳාමට ශ්‍රී ලංකා රජය ඉඩක් නොතබන බවයි.
පසුගිය කාලයේ මිනිස් වෙළෙඳාම් සිදු කෙරෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළ තැනක සිටි නමුත් මෑතකදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කරන ලද වාර්තා අනුව දැන් ශ්‍රී ලංකාව යහපත් තත්වයකට පත් වී ඇත.
විවිධ පුද්ගලයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නොයෙකුත් බොරු පොරොන්දු දී නියමිත ක්‍රමයෙන් බැහැරව විදේශ රැකියා සඳහා බව කියමින් රට යවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. එම රටවලදී ලිංගික අතවරවලට හා නියමිත් වැටුප් නොලැබීමේ ප්‍රශ්න වලට මුහුණ පා අමාරුවේ වැටෙන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, විදේශ රැකියා සඳහා කාර්යංශයෙන් පුහුණුව ලබා එහි ලියාපදිංචි වී නිසි පරිදි විදේශ ගත වන්නේ නම් ප්‍රශ්න ඇති නොවන බවද පැවසීය.

Read more

Local News