දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි

Share

දුම්රිය රියදුරු නියාමකවරු, ස්ථානාධිපතිවරු සහ පාලකවරු අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබු පැය 48 ක දුම්රිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවිමට තීරණය කර ඇත.

වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරිමටයි තිරණය කළ‌ේ.

ඒ අනුව දුම්රිය ගැටළු විසදීම සඳහා පත් කළ අනුකමිටුව සමඟ අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ම‌ෙම දුම්රිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවිමට තීරණය කර ඇත්ත‌ේ.

Read more

Local News