ලංකාවට ආවේනික, වදවී යන මත්ස්‍යයින් සංරක්‍ෂණය සහ අභිජනනය කිරීමේ වැඩපිළිවෙළක්

Share

ශ්‍රී ලංකාවට ආවේනික මෙන්ම වදවියාමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්‍ය විශේෂ හඳුනාගෙන එම මත්ස්‍ය විශේෂ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් මත ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම වදවීමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්‍ය විශේෂ හඳුනාගැනීම සහ එම මත්ස්‍යයින් රැකගැනීම වෙනුවෙන් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව ලංකාවේ විවිධ පළාත් ආශ්‍රිතව සිදුකරන ලද සමීක්‍ෂණ අනුව වදවියාමේ තර්ජනයට ලක්ව සිටින ලංකාවට අවේනික මත්ස්‍ය විශේෂ 12 ක් සංරක්ෂණය කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබේ.
ඒ අතර මැඩියා, ගුරාමි, ගල්පාඩ්, කාවයියා, ලූලා, වලපොත්තා, වළයා, පෙතියා ඇතුළු දේශීය මත්ස්‍ය විශේෂ කිහිපයක් වේ.
මෙලෙස හඳුනාගත් මත්ස්‍යයින් අභිජනනය කිරීමද ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇත.

Read more

Local News