මන්නාරම සමූහ මිනීවලෙන් මිනිස් අස්ථි කොටස් 62 ක් සොයාගනීයි

Share

මන්නාරම සමූහ මිනීවලෙන් මිනිස් අස්ථි කොටස් 62 ක් මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙම සමූහ මිනීවලේ කැණිම් කටයුතු ආරම්භ කර අදට දින 46 ක් ගතව තිබේ.

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ පස් ගොඩක තිබී පසුගිය මාර්තු 26 වනදා අස්ථි කොටස් තොගයක් හමුවීමත් සමඟයි මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරු‌‌ණේ.

මෙම අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට මෙතෙක් එළඹ නොමැත.

Read more

Local News