මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

පුත්තලම පොලීසිය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පුත්තලම ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඊයේ (01)  පුත්තලම වාන පාර ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරුවන් සතුව තිබී හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 500 ක්, අයිස් මත් කුඩු ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 400 ක් සහ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 500 ක් වැටලීම කළ නිලධාරීන් සොයාගෙන අැත.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Read more

Local News