කෝටියක් වටිනා වාලම්පුරියක් අලෙවි කිරීමට තැත් කළ 4 දෙනෙකු අත්අඩංගුවට

Share

රුපියල් කෝටියක් වටිනා වාලම්පුරියක් අලෙවි කිරීමට තැත්කළ  සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී වාලම්පුරියක් සන්තකයේ තබාගෙන  වෑන් රථයකින් පැමිණි 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය.

වාලම්පුරියේ දිග අඟල් 15ක් පමණ වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 57, 43, 27 සහ 60 හැවිරිදි වියේ පසුවන මුතුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

ඔවුන් අද (03) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Read more

Local News