ජාන්විගේ ‘දඩක්’ ලාභ ලබයි

Share

ශ්‍රී දේවි හා බොනි කපූර්ගේ වැඩිමහල් දියණිය ජාන්වි කපූර් රංගනයෙන් දායක වු සිය මංගල චිත්‍රපටය වූ ‘දඩක්’ මේ වනවිට ලාභ උපයමින් සිටින බව සඳහන් වේ. පසුගිය සති අන්තය වන විට මෙම චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 80ක ආදායමක් උපයා ගන්නට සමත්ව ඇත.

චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 50ක මුදලක් වැය වී අතර, මේ වනවිට ඊට වඩා වැඩි මුදලක් මෙම චිත්‍රපටයට උපයා ගන්නට අවස්ථාව ලැබි ඇත. ජාන්වි නවකයෙකු ලෙස මෙම චිත්‍රපටයට සම්බන්ධ වීම හේතුවෙන් මෙම චිත්‍රපටය නැරඹිමට බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් මතුව තිබීම චිත්‍රපටය සාර්ථක වීමට හේතුවු බව සිනමා විචාරකයන් පවසා සිටියි.

source: saaravita.lk

Read more

Local News