ශ‍්‍රී ලංකාවේ නාවික කේෂත‍්‍රයේ ප‍්‍රවර්ධනය සඳහා ඩෙන්මාර්ක් අධාර

Share

ශ‍්‍රී ලංකාවේ නාවික කේෂත‍්‍රයේ ප‍්‍රවර්ධනය සඳහා මූල්‍ය හා තාක්ෂණික ආධාර ලබාගැනීමේ අරමුණින් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඩෙන්මාර්කයේ සංචාරයක යෙදුණි.
මෙම සංචාරය අතරතුර දී MAERSK LINE ජාලයේ ප‍්‍රධාන විධායක නිළධාරී SOREN SKOU මහතා ඇතුළු නියෝජිත පිරිසක් හමුවී අදාළ කාර්යයන් සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇත.
එම අවස්ථාවට වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක, MAERSK LINE ජාලයේ ප‍්‍රධානී ANDERS BOENAES, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක JULIAN BEVIS, දකුණු ආසියාතික කලාපයේ මහජන සම්බන්ධතා නිළධාරී PRITHWIJIT MAITRE, වෙළඳ කළමණාකාර හා ජ්‍යෙෂ්ඨ මහජන සම්බන්ධතා උපදේශක KARINA KINDVIG සහ වරාය හා නාවික අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්  SEAN SAMARASIMGHE යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

Read more

Local News