සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කළ දෙමාපියන්ට රැකවරණය සැලසීම සඳහා කළුතර, ඈතගම ඉදිකෙරුණු බෝසත් මාපිය සෙවණ, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ විවෘත කෙරිණි.
පයාගල, මලේගොඩ ශ‍්‍රී පුෂ්පාරාම විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරලයේ ප‍්‍රධාන සංඝනායක, පූජ්‍ය මලේගොඩ නන්ද හිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ.
අක්කර දෙක හමාරක භූමියක ඉදිකර තිබෙන මෙම මධ්‍යස්ථානයේ 50 දෙනෙකුට පමණ රැකවරණය ලබාදිය හැකිය.
සමරු ඵලකය නිරාවරණය කර, බෝසත් මාපිය සෙවණ, මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.