බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

Share

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහැර හේතුවෙන් බොරලැස්ගමුව ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

හෙට (11) රාත්‍රී රන්දෝලි මහා පෙරහැර පැවැත්වෙන අතර එම කාලය තුළ විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවේය.

පොලිස් මූලස්ථානය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, පෙරහැර ගමන් කරන කාලය තුළ පොලිසිය විසින් දක්වා ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

Read more

Local News