දරුවන්ට ශාරීරිකව දඬුවම් ලබාදීම සිදු කළ නොහැක – අමාත්‍ය හර්ෂ ද සිල්වා

Share

දරුවන්ට ශාරීරිකව දඬුවම් ලබාදීම සිදු කළ නොහැකි බවත් ඊට එරෙහිව නීති පවතින බවත් එය දඬුවම් ලබාදිය හැකි වරදක් බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තුව තුළින් එම නීති ගෙන විත් තිබෙනවා. එය යළිත් තහවුරු කළ යුතුයි. මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ගෙනා පාසල් ශිෂ්‍ය විනය කමිටු පරීක්ෂණ විධිමත් පරිදි සිදු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනාවට සම්පූර්ණ එකඟතාවය පළ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News