පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මංජුල චමින්ද නොහොත් මල්වත්තේ මංජු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පස්වරුවේ ලද තොරතුරකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 840 ක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 05 ක්, අන්සතු විදේශ ගමන් බලපත්‍ර 05 ක්, රියදුරු ගමන් බලපත්‍ර 02 ක් සහ ජාතික හැදුනුම්පත් 37 ක් ඇතුළු ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.




