නුවරඑළිය වතු නිවාස 404ක් ජනතා අයිතියට පත් කිරිම හ‌ෙට

Share

ඉන්දීය රජයේ අධාර සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව නුවරඑළිය ඩන්සිනන් වතුයායේ ඉදිකළ නිවාස 404 කින් යුතු නිවාස යෝජනා ක්‍රමය නිරවුල් ඔප්පුද සහිතව හෙට (12) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මෙරට ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්ධු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව ඇත.
කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි වැවිලි ප්‍රජාව නගා සිටුවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. එම වැඩසටහන් අතුරින් පර්චස් 07ක නිරවුල් ඔප්පුවක් සමග වර්ග අඩි 550ක නිවසක අයිතිය වැවිලි ප්‍රජාවට ලබාදීම එහි ප්‍රධාන අරමුණ වී තිබේ.
2015 වසරේ සිට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මඟින් සහ ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකළ නිවාස සංඛ්‍යාව මේ වන විට 5000 ඉක්මවා ඇත.

Read more

Local News