මත්පෙති 70,000 ක් සමඟ ද‌ෙද‌ෙන‌ෙකු අත්අඩංගුවට

9

ඉන්දියාවේ සිට මෙරටට බෙදාහැරීමට රැගෙන යමින් තිබු ට්‍රැමඩා‌ෙල් වර්ගයේ මත්පෙති 70,000 ක් සමඟ සැකකරුවෙක් හා සැකකාරියක් අද (11) අත්අඩංගුවට ගෙන ඇත.

සෙට්ටිකුලම ආරක්ෂක අංශ පැවසූවේ වයස අවුරුදු 18 ක තරුණියක් හා වයස අවුරුදු 24 තරුණයෙකු මත්පෙති එලෙස ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.