සබරගමුව පළාත් මාර්ග සංවංර්ධනයට ලක්ෂ 9000ක් රජය මගින් ලබා ද‌ෙයි

Share

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ මාර්ග සංවර්ධනය සඳහා මෙම වර්ෂයට රුපියල් ලක්ෂ 9000ක් රජය මගින් ලබාදී ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි.
මෙහිදී අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාරවරිය පැවසූවේ, නියමිත ප්‍රමිතියට, ලබාදී ඇති කාලය තුළ සබරගමුව පළාතේ ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණය යටතේ සියලු මාර්ග සංවර්ධනය සිදු කළ යුතු බවය.
සබරගමුව පළාත් සභාව මගින් මාර්ග 583ක් පාලනය වන අතර ඒවායේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 2633කි.

Read more

Local News