නීති විරෝධී ගංජා හේනක් වටලයි – සැකකරු අත්අඩංගුවට

Share

මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් තණමල්විල හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ දී සිදු කල වැටලීමකදී නීති විරෝධී ගංජා හේනක් වටලා ඇත.

ගංජා හේන හම්බෙගමුව කරකොටේ ප්‍රදේශයේ වගා කර තිබී ඇති අතර එහි අක්කර කාල ප්‍රමාණයෙ බිම් කොටසක අඩි තුනකට ආසන්න උසකින් සරුවට වගා කර තිබූ ගංජා පැල එක්දහස් දෙසීයක් පමණ තිබී ඇත.

එහි වටිනාකම රුපියල් ලක්ෂ හය ඉක්මවන බව පොලිසිය පවසයි.

එම ගංජා හේන වගා කල සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි හතලිස් අට හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

 

Read more

Local News