ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඡායාරූප උළෙල අගෝස්තු 19 වන දා

Share

ලෝක ඡයාරූප දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඡායාරූප උළෙල අගෝස්තු 19 වන දින පස්වරු 3.00 කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංස්කෘතික හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසිය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි .

ඊට සමගාමීව ව 2018 අගොස්තු 20 සහ 21 දන දෙදින තුළ ජයග්‍රාගි ඡයාරූප ඇතුලු ඡයාරූප 3537 ප්‍රදර්ශනය කිරිමට නියමිතය.

මෙවර තේමාව වන්නේ මිනිස් ක්‍රියාකාරකම්හි පාරිසරික බලපෑම් යන්නයි. මීට අමතරව තරඟ අංශ 5කින් මෙය සමන්විත බව සංවිධානයක මණ්ඩලය පවසයි. මෙහිදි ජයග්‍රාහකයින් සඳහා ප්‍රධාන සම්මාන 15ක් පිරිනමනු ලබන අතර, කුසළතා සහතික 50ක් ප්‍රදානය කෙරේ. ප්‍රශස්ත ඡයාරූප වෙනුවෙන් ඡයාරූප ක්ෂෙත්‍රයේ ප්‍රවිණයකු සදහා ඡයාරූපාභීමානි සම්මානයද පිරිනැමිමට නියමිතය.

Read more

Local News