අයහපත් කාලගුණය‌ෙ‌න් ගුවන් ගමන් වාර අත්හිටුවයි

Share

අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක හා ඉන්දියාවේ කොචින් අතර ගුවන් ගමන් තාවකාලිකව නතර කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කර ඇත.

කෝචින් ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින අධික වැසි සහිත ගංවතුර තත්වය නිසා අද උදෑසන කොචින් බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 165 දරණ ගුවන් යානයේ ගමන් ගැනීම කල් දැමිණි.

එම ප්‍රදේශයේ පවතින අයහපත් කාළගුණික තත්ත්වය තවදුරටත් පැවැතීම නිසා මෙම ගුවන් ගමන් වාරය අවලංගු කර තිබේ.

Read more

Local News