ඩෙංගු මර්දනය පිළිබඳ දෙදින වැඩසටහනක් හෙට සහ අනිද්දා

Share

දැනට පවතින වර්ෂා තත්ත්වයත් සමග ඉදිරියේදී ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දනය පිළිබඳ දෙදින වැඩසටහනක් හෙට (16) හා අනිද්දා (17) දිනයන්හි දී ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය කටයුතු සලසා ඇත.
ඒ අනුව මෙම වැඩසටහන කොළඹ, ගම්පහ, කළුතර, යාපනය හා මන්නාරම යන දිස්ත්‍රික්ක 05 ආවරණය වන පරිදි හඳුනාගත් වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 45ක, කණ්ඩායම් 764ක සහභාගීත්වයෙන් සිදු කෙරේ.
2017 වසරේ පළමු මාස 07 හා සැසදීමේදී 2018 වසරේ මේ දක්වා ඩෙංගු වාර්තාවිම 70%ට වඩා අඩුවීමක් පෙන්නුම් කරයි.
තවද නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන  වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් ඇති හෙයින්, අවම වශයෙන් සතියකට විනාඩි 30ක් මේ පිළිබඳ ව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.

Read more

Local News