හැටන් ක‌ොළඹ ප්‍රධාන මාර්ගය‌ට පස් කන්දක් කඩා වැට‌ෙයි – රථවාහන ගමනා ගමනයට බාධා

Share

හැටන් ක‌ොළඹ ප්‍රධාන මාර්ගය‌ේ වටවල ප්‍රද‌ේශය‌ේ දී අද (15) ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිම‌ෙන් එම මාර්ගය‌ේ ගමනා ගමන කටයුතු සම්පුර්ණය‌ෙන්ම ඇණහිට ඇති බවයි වටවල ප‌ොලිසිය පැවසුවේ.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වලට ‌මේ දිනවල ඇද හැල‌ෙන අධීක වර්ෂාවත් සමඟ පස් කන්ද කඩා වැටි ඇත.

කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන ත‌ෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ගිනිගත්හ‌ේන, දියගල න‌ෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ල‌ෙස වටවල පා‌ෙලිසිය රියදුරන්ග‌ෙන් ඉල්ලා සිටියි.

Read more

Local News