ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70යි. විශේෂ පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වෙයි

Share

ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

විශේෂ සභාවට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන්, සාර්ක් කලාපයේ රටවල් නියෝජනය කරන කතානායකවරුන්,නියෝජ්‍ය කතානයකවරුන්, විශේෂ විදෙස් නියෝජිතයන් එක්වී සිටිති.එහිදී අතිගරු ජනාධිපතිතුමා, අග්‍රමාත්‍යතුමා, සභානායකතුමා, විපක්ෂනායකතුමා සහ පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් විසින් සභාව අමතනු ඇත.

 

Read more

Local News