පේරාදෙණිය‌ේ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

Share

පේරාදෙණිය, හිඳගල මාර්ගයේදී යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ගලහ වටරවුම දෙස සිට හිඳගල දෙසට ධාවනය වූ යතුරු පැදිය අද අලුයම එකට පමණ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ, අල්විස් වටරවුම තුළ පිහිටි පොකුණට පෙරලීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙල‌ෙස මියගොස් ඇත්තේ කිරිවවුල, වැටස්ස වත්ත‌ේ පදිංචි ප්‍රසන්න කැලුම් විජේසිරි (36) හා පිළිමතලාව කිරිවවුල ප්‍රදේශයේ පදිංචි අජිත් කුමාර වි‌ජේරත්න (35) යන පුද්ගලයින් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධය‌ෙන් ප‌ේරාද‌ෙණිය ප‌ොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News