මොණරාගල දරගොඩයාය රක්ෂිතයේ ගින්නක්

Share

මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ හොරොම්බුව දරගොඩයාය කදු රක්ෂිතයේ ඊයේ (20) පස්වරුවේ හටගත් ගින්න අද (21)අලුයම එක පමන වන විට යුද හමුදාව මැදිහත් වී පාලනය කර ති‌බේ.

ගින්න පැය කිහිපයක් රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත විය එම නිසා රක්ෂිතයේ අක්කර සීයකට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා යුද හමුදාවට ද ගින්න මැඩපැවැත්වීම සදහා ඉමහත් වෙහෙසක් දැරීමට සිදු වී ඇති බවටයි වාර්තා වන්න‌ේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මොණරාගල පොලිසිය විමර්ශන සිදු කරයි.

Read more

Local News