මහනුවර ශ්‍රී දළදා මාලිගා‌වේ ඇසළ පෙරහර මංගල්‍යයේ සිවුවන රන්දෝලි පෙරහර අද

Share

මහනුවර ශ්‍රී දළදා මාලිගා‌වේ එ‌ෙතිහාසික ඇසළ ප‌ෙරහර මංගල්‍යයේ ත‌ෙවන රන්ද‌ෝලි ප‌ෙරහර ඊය‌ේ රාත්‍රියේ වීදි සංචාරය කළේය.

ත‌ෙවන රන්ද‌ෝලි ප‌ෙරහරේ ප‌ෙරහර කරඬුව වැඩමකරනු ලැබුවේ රුහුණු කතරගම මහ ද‌ේවාලයේ වාසනා හස්ති රාජයා විසිනි. දෑල‌ේ ගමන් කළ‌ේ සිංහරාජා සහ මියන්රාජයයි.

මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගා‌වේ ඇසළ පෙරහර මංගල්‍යයේ සිවුවැනි රන්දෝලි පෙරහර අද (24) වීදි සංචාරය කිරිමට නියමිතයි.

අද රාත්‍රි 7.25ට ය‌ෙද‌ෙන සුභ ම‌ොහ‌ොතින් ගමන් ආරම්භ කරන පෙරහර දළදා වීදිය, යටිනුව වීදිය, හරස් වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, කන්දේ වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජවීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතයි.

Read more

Local News